Empty Ad
Empty Ad
AFC Banner

උත්සව සමයේ හිඟයක් නැතුව සහල් දෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ, අනුව ලබන 20 වනදාට පෙර ආනයනික සහල් තොග මෙරටට ලැබීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මහ කන්නයේ වී අස්වනු නෙලීම ලබන මාසයේ අග සිදුකෙරෙනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ දිනවල වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් මතුව ඇති අතර, නාඩු සහල්වල සහ රතු කැකුළු සහල්වල මෙම හිඟය බහුලව පවතිනවා.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසු තාවයකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?