උත්තර දේවි නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තර දේවි නගරාන්තර දුම්රිය අද (08) පෙරවරුවේ පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තඹුත්තේගම සහ සෙනරත්ගම යන දුම්රිය ස්ථාන දෙක අතර දේවි දුම්රිය පීලි පැන ඇති බවයි.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?