උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

භාණඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

අද පස්වරු 2 සිට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කළ බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

නාවලපිටියේ සිට නනුඔය දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතරදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ (12) පස්වරු 6.15 සිට ඇණහිට තිබුණා.

මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රියවල ගමන් ගත් මගීන් ලංගම බස් රථ මගින් දුම්රිය ස්ථාන දෙක දක්වා ප්‍රවාහනය කර දුම්රියන්වලට මාරු කරනු ලැබුවා.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදු වී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?