Empty Ad
Empty Ad
AFC Banner

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ 1007 මගී ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

නාවලපිටිය, ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රොස් දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම දුම්රිය අද (02) දහවල් පීලිපැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පීලිපැනීමට ලක් වූ දුම්රිය යළි පීලි ගතකරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබෙනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයට උඩුවර 07 කණුව ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමත් සමඟ එහි දුම්රිය ධාවනයට දින කිහිපයක් බාධා එල්ලවී තිබුණා.

එම බාධාවන් ඉවත් කිරීමෙන් පසු අද (02) උදෑසන යළිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 2024.01.22
00:00
Video thumbnail
හැමෝගෙම වාහන සිහිනය සැබෑ වෙයි - මාලිමා ආණ්ඩුව පොරොන්දු ඉටු කරන හැටි මෙන්න
08:03
Video thumbnail
චාමර සම්පත් වළං කඩේට පැන්න ගොනා - මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
02:02
Video thumbnail
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට යන්න බෑ - ජනපති කියයි
02:35
Video thumbnail
අගමැතිතුමිය එහෙම හැසිරෙන්න එපා, මම හිතුවේ මගේ මිතුරියෙක් කියලා
04:17
Video thumbnail
BREAKING NEWS🔴රේගුවෙන් පන්නපු කන්ටේනර් 326ට - රේගුවෙන්ම CID යයි
06:26
Video thumbnail
මහින්දගේ ගේ ගැන ඇමති කට අරියි
03:19
Video thumbnail
පොත් ගන්න දෙන රුපියල් 6000 යමක් කරගියා ගන්න බැරි ළමයින්ටත් දෙන්න
06:14
Video thumbnail
එක පෑන් පහරින් වැඩ කරන හැටි ට්‍රම්ප්ගෙන් ඉගෙනගන්න
02:03
Video thumbnail
ශම්මි සිල්වාගේ සාක්කුවේ වැටෙන්න එපා - හේෂා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:31

?