උඩදියලුම ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් තරුණියක් මිය යාමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි තරුණ යුවළකට එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ තරුණ යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන තරුණයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (11) දින කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණා.

එහිදී ඔවුන් කඳවුරු බැඳ තිබූ ස්ථානයට පැමිණි වන අලියෙක් රාත්‍රී 10.30ට පමණ කූඩාරමට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

වන අලියාගේ ප්‍රහාරයට ලක් වූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තුවාල ලබා සිටි තරුණයා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමටයි කටයුතුකර තිබුණේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගියේ මාතර, කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර, තුවාල ලැබූ තරුණයා ධනුෂ්ක මධුෂාන් නම් 22 හැවිරිදි අයෙක්.

ඔහු කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් අලෙවි නිලධාරියෙක්.

පොලීසිය පවසන්නේ මෙම යුවළ කඳවුරු බැඳ ඇත්තේ, කූඩාරම් අටවන භූමියෙන් පරිබාහිර ප්‍රදේශයක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
2
+1
19
+1
2
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?