උගන්ඩා කාන්තාවකට රැවටුණු ශ්‍රී ලාංකික තරුණයා අත්අඩංගුවට

උගන්ඩා ජාතික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 35 ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කර දුන් ප්‍රංශ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ 10 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 24 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .

මොහු කොළඹ කැසිනෝ සමාජ ශාලාවක සේවය කරමින් සිට මීට මාස දෙකකට පමණ පෙර උගන්ඩාව වෙත ගොස් ඇත්තේ ද , එරට කැසිනෝ සමාජ ශාලාවක රැකියාව සදහාය .

එහිදී දැන හැදින ගත් මැදි වියේ උගන්ඩා ජාතික කාන්තාවක් , ඔහුට ප්‍රංශය වෙත යෑම සදහා වීසා බලපත්‍රයක් සකස් කර දීමට ඉදිරිපත් වී තිබේ .

ඒ අනුව මාතර ප්‍රදේශයේ මොහුගේ දෙමාපියන් සතු ඉඩමක් , මව සතු ස්වර්ණාභරණ තොගයක් සහ ඔහුගේ යතුරු පැදිය ද විකුණා , මෙම වීසා බලපත්‍රය සකස් කර ගැනීම සදහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක මුදලක් මෙම උගන්ඩා ජාතික කාන්තාව වෙත ලබා දී තිබේ .

ඇය මෙම තරුණයා උගන්ඩාවේ අසල්වැසි රාජ්‍යයක් වන කෙන්යාව වෙත රැගෙන ගොස් මෙම වීසා බලපත්‍රය ලබා දී තිබේ .

මෙම වීසා බලපත්‍රය රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි මෙම තරුණයා , ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත පිටත්ව යාම සදහා (10) දින එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් විසින් ගුවන් යානා නිශ්කාශන කටයුතු සිදු කිරීමේ දී ඇති වූ සැකය මත මෙම තරුණයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලදී මෙම ප්‍රංශ වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව තහවුරු වීමත් සමගම ආගමන විගමන නිල අත් අඩංගුවට ගත් මෙම තරුණයා සහ ඔහු සතු ලියකියවිලි සියල්ල වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?