ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්වලින් මේ දක්වා ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙලෙස මියගිය පිරිස අතර ළමයින් 4,500 කට වැඩි ප්‍රමාණයක් සිටින බවයි.
මේ අතර පසුගිය ඔක්තෝම්බර් 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව සංශෝධනය කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කර තිබෙනවා.
ඒ, අනුව මෙතෙක් වාර්තාකර තිබූ 1,400ක මරණ සංඛ්‍යාව 1,200ක් දක්වා සංශෝධනය කිරීමටයි ඊශ්‍රායල රජය මෙලෙස කටයුතු කර ඇත්තේ.
එම රජය පවසන්නේ ඇතැම් හඳුනා නොගත් සිරුරු හමාස් ත්‍රස්තවාදීන්ගේ යැයි සැකකෙරෙන බැවින් මෙම තීරණය ගත් බවයි.
මේ අතර උතුරු ගාසා තීරයේ ඊයේ (10) දවස පුරා රෝහල් කිහිපයක හෝ ඒ ආසන්නයේ පිපිරීම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය තොරතරු වාර්තා කරනවා.
ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස ගේට්ටුවට ප්‍රහාර එල්ල කරන අතර, රෝගීන් දහස් ගණනක් සහ අවතැන් වූ පලස්තීනුවන් විශාල පිරිසක් එම රෝහලේ මේ වනවිටත් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
පලස්තීන රතු අඩ සඳ සංවිධානයේ ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසන්නේ ගාසා තීරයේ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා ඊශ්‍රායල හිතාමතාම ඉලක්කයන් කර ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලය පවසන්නේ පසුගිය දින දෙක තුළ පලස්තීනුවන් 100,000ක් ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කර ඇති බවයි.