spot_imgspot_img
spot_img

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංක දෙකක්

මේ වන විට ඊශ්‍රායාලයේ පවතන යුධමය ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට රැඳී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව +94716640560 අංකයට වට්සැප් මඟින් හෝ 1989 ක්ෂණික දුරකථන අංකය හරහා අදාළ තොරතුරු ලබාගැනීමට හැකියාව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර, ඉන් 90%ක් දෙනාම සාත්තු සේවා සැපයීම්වල නිරත වනවා.

මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලංකිකයෙන්ගේ තත්ත්වය පිළිබඳ විමසීම් කර තිබෙනවා.

එමෙන්ම මෙරට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?