Indian Premier League

ඊයේ රාත්‍රි තොටළඟ ඇති වූ ගින්නෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන 

ඊයේ (27) රාත්‍රි තොටළඟ කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා තිබුණා.

(27) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ. තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ හටගත් විශාල ගින්නකින් නිවාස 50ක් පමණ ගිනිබත් වී තිබුණි.තොටළඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල කජීමාවත්ත ප්‍රදේශයේ එක පෙළට පිහිටි නිවාස 80ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබුණි.ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?