ඉහළ වැටුප් සමඟ ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් පිරිසක් සඳහා අවස්ථාව

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද (19) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා

ඔවුන් හෙට(20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

එම කණ්ඩායමට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු ඇතුලත්.

මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 84 වන කණ්ඩායම වන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 590 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.

එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද එහිදී සහතික විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?