Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

ඉහළ කොත්මලේ ජලාශය අසල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (21) දින දවස පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ ජලාශය ආසන්නයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් (21) දින කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර නිවස ජලාශයට නායයාමේ අවධානමක පවතින බව තලවකැලේ පොලිසිය පැවසිය.

2014 වසරේ ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් කිහිපයකට නිවස ඉදි කර ගැනිම සදහා එම ව්‍යාපෘතිය විසින් ඉඩම් කැබලි ලබාදුන් බවත්, එම ඉඩමේ පෞද්ගලික වියදමින් ඉදි කර ගන්නා ලද නිවස මතට පස් කන්ද කඩා වැටි එම පස් ඉහල කොත්මලේ ජලාශයට වැටි ඇති බවයි නිවාස හිමියන් පවසන ලදී.

පවත්නා තත්ත්වය මත තමන්ට එම නිවසේ පදිංචිව සිටි නොහැකි බවත්, පවතින අවධානම මත තමන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිවාස හිමියන් වගකිය යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

6 1
1 3
2 3
3 2
4 2
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?