ඉහළ කොත්මලේ ජලාශයෙන් තරුණයෙකුගේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ තිබී හමුවූ මෙම සිරුර මවුන්ට්වර්නන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අයෙකුගේ බවටයි අනාවරණ වී ඇත්තේ.

සිරුර තිබූ ස්ථානය ආසන්නයෙන් මුදල් පසුම්බියක් සහ පාවහන් යුගළයක් ද සොයා ගැණුනා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නුවරඑළිය රෝහලේ තැන්පත්කර තිබෙනවා.

මෙම මරණයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර තලවකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?