කුඩා දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලු කළ මව අත්අඩංගුවට

මවක්, අවුරුදු එක හමාරක් වයසැති සිය දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලුකර පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උඩප්පුව, කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු අදාළ මව පෙරේදා (02) පස්වරුවේ සිය දැරිය මෙලෙස ඉස්සන් වගාකළ ටැංකියට තල්ලුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව අදාළ දැරිය ටැංකියෙන් ගොඩගෙන මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර මව උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇය අද (04) දින පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?