ඉස්සන් ගොවිපොළක මළ සිරුරක්

ඊයේ (08) ඉස්සන් ගොවිපලක පොකුණක තිබී මිය ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව හලාවත පොලීසිය පවසනවා.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක වාරියපොල පදිංචිකරුවෙක්.

මිය ගොස් ඇති පුද්ගලයා හලාවත – ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක කාලයක් සේවය කරමින් සිට තිබෙනවා අතර ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ එම ගොවිපලේ පොකුණක තිබී හමුවූ බව පොලීසිය ප්‍රකාශ කරයි.

මොහු කිසියම් කටයුත්තක් සඳහා ඉස්සන් ගොවිපලේ ගමන් කරමින් සිටින අතරතුර පොකුණකට ඇද වැටෙන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි එම ගොවිපලේ හිමිකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහා රෝහලට ගෙනවිත් ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු හලාවත සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?