සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මට ලොකු චෝදනාවක් කරලා තිබුනා එය මාධ්‍ය හරහා ද ප්‍රචාරය වුවා, ඇමැතිවරයා පෞද්ගලිකව සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කරලා අමාත්‍යවරයාට අවශ්‍ය ලැස්තුවක් හැදුවා කියලා. මම පැහැදිලිවම කියනවා ඔ්නෑම අවස්ථාවක දේශපාලන ඇගිලිගැසීමක් කරලා මම මේ ලැස්තුව හැදුවා කියා ඔප්පු කළොත් මම හෙට දිනයේ ඉල්ලා අස්වන බව දෙවන දිනටත් අද ප්‍රකාශ කරනවා.
එලෙස දේශපාලන බලපෑම් කරන සිරිතක් මට නැහැ. වෛද්‍ය සංගමයේ සාමාජිකයෙන් කියනවා ඉස්සර ඒ අමාත්‍යාංශවල කරලා ඇති මේ අමාත්‍යාංශයේ එහෙම බැහැ කියලා. මම ඉස්සර කළෙත් නැහැ. දැන් කරන්නෙත් නැහැ. යුක්ති සහගතව එම කටයුතු කරනවා මිසක් එවාට මැදිහත්වෙලා අපට ඔ්න විදිහට සිදු කරන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ ඉන්න මගේ යහළුවන් දෙදෙනෙකුගේ දරුවන් ඉන්නවා වෛද්‍යවරු ලෙස ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා මම කණගාටුව පළ කරලා කිව්වා මට එය කරන්න බැහැ කියලා. ඇමැතිවරු ඉන්නේ එහෙම දේවල් කරන්න නොවෙයි අමාත්‍යවරු ඉන්නේ විධායකය ගන්නා ප්‍රතිපත්තිමය තින්දු ක්‍රියාත්මක කරන්න මිසක් මෙවැනි දේවල් කරන්න නොවයි කියා.
එයට මේ රටේ පිළිගත් නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. එවැනි අසාධාරණයක් වුණා කියලා කිසිම අයෙක් මේ වනතෙක් චෝදනාවක් කරලා නැහැ.”