ඉල්ලා අස්වීමේ පුවත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගේ ලිඛිත ඉල්ලා අස්වීමක් හෝ එලෙස යොමු කරන ලද ලිපියක පිටපතක් හෝ මේ දක්වා කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව එම කොමිසමේ ලේකම් එච්. එම්. ටී. ඩී. හේරත් මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ඉල්ලා අස්වී ඇති බවට සහ කොමිෂන් සභාවේ එක් සාමාජිකයෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපති කාර්යාලය වෙත යොමු කර ඇති බවට ද වූ ප්‍රවෘත්ති වාර්තා වී ඇති බවයි.

කෙසේවෙතත් මෙතෙක් එවැනි ලිඛිත දැනුම්දීමක් හෝ ලිපියක පිටපතක් මෙතෙක් ලැබී නොමැති අතර සභාපතිවරයා ඇතුලු සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත කාර්යයන් සහ 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිදු අඩාල වීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා නිවේදනය කළේ.

කොමිෂන් සභාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර නිර්මාණය කර ප්‍රචාරය කරන බවට නිරීක්ෂණය වී ඇතැයි ද මැතිවරණ කොමිසමේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ELection Commission
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?