ඉර මුදුන්වන බැවින් අව්වට නිරාවරණය නොවන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද දහවල් 12 :13ට කොරලවැල්ල,ඉංගිරිය,කිරිඇල්ල ,ඇඹුල්දෙනිය ,හල්දුම්මුල්ල ,රත්මල්වෙහෙර,වරදෙනියාව ප්‍රදේශවලට ඉර මුදුන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දහවල් කාලයේ අව්වට නිරාවරණය වීම අවම කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.

නමුත් තවත් පළාත් කිහිපයකට සවස සහ රාත්‍රියේ වැසි පතිත වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද වැසි පතිත වියහැකි පළාත් ලෙස එම දෙපාර්තමේන්තුව දක්වන්නේ බස්නාහිර ,සබරගමුව ,දකුණ ,ඌව,මධ්‍යම,වයඹ සහ උතුරු මැදයි.

සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?