ඉරානයේ සහ පකිස්ථානයේ සිට ඇෆ්ගන් සරණාගතයින් ආපසු පැමිණීම පිළිබඳව UNHCR හි කනස්සල්ල

ඉරානයේ සහ පකිස්ථානයේ සිට ඇෆ්ගන් සරණාගතයින් පුළුල් ලෙස සහ අසංවිධානාත්මකව නැවත පැමිණීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) කනස්සල්ල පළ කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය තීරණාත්මක බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පෙන්වා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්ථානයේ UNHCR ප්‍රධානී අරෆත් ජමාල් පැවසුවේ මෙම ආපසු පැමිණෙන පිරිස පිළිගැනීමට රට හොඳින් සූදානම් නැති බවයි.

අවුල් සහගත තත්ත්වය වඩා හොඳින් හසුරුවා ගැනීමට සහ වඩාත් ස්ථාවර ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔහු සංයමය, මූල්‍ය ආධාර, ජාත්‍යන්තර සංවාදය සහ සහයෝගීතාවය ඉල්ලා සිටිනවා.

මේ දක්වා, ඉරානයේ සිට මිලියන 1.3 ක් ඇතුළුව ඇෆ්ගන් ජාතිකයින් මිලියන 1.6කට වැඩි පිරිසක් මේ වසරේ නැවත රටට පැමිණ ඇති බව ජමාල් පැවසුවා.

එය එක්සත් ජාතීන්ගේ අනාවැකිවලට වඩා වැඩි අගයක්.

මෙම ප්‍රවණතාවයේ තීව්‍රතාවය භයානක බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් මධ්‍යයේ අසල්වැසි රටවලින් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයින් අතර බෝවන රෝග පැතිරීම ඉහළ යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

වැඩිවන සෞඛ්‍ය අවදානම් විසඳීම සඳහා වෛද්‍ය සම්පත් සහ කාර්ය මණ්ඩල ධාරිතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව WHO අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?