Empty Ad
AFC Banner
Empty Ad

ඉමදූව OIC ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බීමත් රියදුරෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීමකට අදාළව ප්‍රචාරය වන දර්ශන පෙළ සම්බන්ධයෙන් පොලිසිය විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා විසින් බීමත් රියදුරෙකු නවතා ප්‍රශ්න කිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් අදාළ පොලිස් නිලධාරියාට දුරකථනයෙන් බලපෑම් කිරීමේ දර්ශන පෙළක්.

මෙම සිදුවීම පසුගිය වසරේ ජූනි 04 වනදා සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් පරීක්ෂණයක්ද සිදුකර තිබෙනවා.

එහිදී අදාළ ස්ථානාධිපතිවරයා විසින් විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බව අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරමින් එම විමර්ශන වාර්තාව අදාළ අංශ වෙත මේ වනවිටත් යොමුකර ඇතැයි පොලිසිය කියාසිටියා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අදාල සිද්ධියට සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කර තමා වෙත විමර්ශන කරුණු වාර්තා කරන ලෙස පසුගිය වසfරේ ජූලි 26 වන දින පොලිස්පති වෙත ලිඛිතව උපදෙස් දී තිබෙනවා.

පොලිස්පති වෙත එදින යවන ලද ලිපියට අදාලව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු විමසා වාර්තා කරන ලෙසත් ඉමදූව අධිවේගී මාර්ග ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් අද දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?