ඉනිම් 42කට පසු කෝලිගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය 27 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය රැස් කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමත් වුණා.

විරාට් කෝලිගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක් වාර්තා වුණේ වසර 2019 නොවැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

ඒ, අනුව කෝලි අවසන් වරට රැස්කළ ටෙස්ට් ශතකයෙන් පසු මෙම ශතකට රැස් කළේ ඉනිම 42කට පසුවයි.

මෙහිදී ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් විරාට් කෝලි පන්දු 364ක් තුළ ලකුණු 186ක් රැස් කිරීමට සමත් වූ අතර, මෙහිදී ටොඩ් මර්ෆිගේ පන්දුවකට මාර්නස් ලැබුස්චේන් අතට උඩපන්දුවක් දී දැවීයාමෙන් ඔහුගේ 08 වැනි ද්විත්ව ශතකය වාසනාවන්ත ලෙස අහිමිව ගියා.

විරාට් කෝලිගේ මෙම සුපිරි ඉනිම වෙනුවෙන් ක්‍රිකට් ලෝකයේ සුපිරි තරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සුබපතා තිබූ ආකාරය ද දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?