Fly high Get bonus Aviator Phone

ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ හක්ගල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ බවුසර් රථයේ ඩීසල් ලීටර් 13,000ක් පමණ තිබී ඇති අතර කාන්දු වූ ඉන්ධන ප්‍රදේශවාසින් රැස් කර රැගෙන ගොස් ඇතැයි සඳහන්.

එම බවුසර් රථයේ ගමන් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරෙන් බවුසර් රථය දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ.

බවුසරය ප්‍රපාතයට පෙරළීමත් සමග රියදුරා සහ රිය සහායකයා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරිමෙන් අනතුරුව කැප්පෙටිපොල සහ වැලිමඩ යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී හග්ගල උද්භිත උද්‍යානයට ආසන්නයේ පිහිටි මහ වංගුව ප්‍රදේශයේදි ප්‍රපාතයේ පිහිටි එලවළු වගා භුමියකට පෙරලී තිබෙනවා.

මෙම මහ වංගුව ප්‍රදේශයේ දී මීට පෙර අවස්ථා කිහිපයක දී රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බව හග්ගල ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ කොළොන්නාවේ සිට කැප්පෙටිපොල ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?