ඉන්ධන ගන්න දිගු පෝලිම්

ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇතැයි පැතිර ගිය ආරංචියත් සමග ඊයේ (14 දා) ඉන්ධන මිලදී ගැනීම සඳහා කොළඹ ඇතුළු සෑම නගරයකම පාහේ දිගු වාහන පෝලිම් නිර්මාණය වී තිබිණි.

මේ අතර ඉන්ධන මිල සූත‍්‍රයක් කෙටුම්පත් කර එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නිසා තෙල් සංස්ථාවේ (සිපෙට්කො) සහ ඉන්දීය තෙල් සමාගමේ (අයි ඕසී) ඉන්ධන හල් අසල ද මෙම තෙල් පෝලිම් තිබිණි.

මේ වනවිට තෙල් සංස්ථාව (සිපෙට්කො) විකුණන සෑම ඞීසල් ලීටරයකින්ම රුපියල් 50 ක පාඩුවක් ද සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම රුපියල් 16 ක පාඩුවක් ද සිදුවන බව තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය. එනිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර රුසියාව, විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ අවදානමත් සමග ලෝක වෙළෙඳපෙළේ බොරතෙල් මිල ගණන් ශීඝ‍්‍ර ලෙස ඉහළයමින් තිබූ අතර ඉකුත් කාලයේ ඉන්ධන මිල සියයට විස්සකින් වැඩි වී තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !