ඉන්ධන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහතට

පසුගිය මාස 13 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සිල්ලර හා කාර්මික ඉන්ධන අලෙවියේ බිඳවැටීමක් ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේදී සිල්ලර හා කාර්මික ඉන්ධන අලෙවියේ අඩුවීමක් වාර්තා වී ඇති බවයි.

මෙම කාලය තුළ ඔටෝ ඩීසල් අලෙවිය 50% කින්, පෙට්‍රල් 30% කින් සහ භූමිතෙල් භාවිතය 70% කින් පමණ අඩුවීමක් වාර්තා වී ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

මේ අතර ඉදිරි කාලය තුළ ඉන්ධන මිල අඩු කිරීමට හැකි වනු ඇති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍වරයා කියාසිටියේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවයි.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීමත් සමඟ නව ඉන්ධන තොග අඩු මිලට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව කොළඹ වරායට රැගෙන එනු ලබන ඉන්ධන අඩු මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඒ අනුව එම මිල අඩු වීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත හිමිවන බවයි.

ඉන්ධන මිල අඩු කිරීම අනෙකුත් භාණ්ඩවල මිල අඩුවීමට ද ඉවහල් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Fuel Consumption
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
2
හරි හිනා !
19
හම්මෝ !
1
මාර දුකයි !
7
මලපනිනව !
7
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?