ඉන්දුනීසියාවම රත් වෙයි – තිදෙනෙක්ට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියානු පාලනාධිකාරියට විරෝධය පාමින් එරට වැසියන් පසුගිය දිනවල අඛණ්ඩ විරෝධතාවයන්ගේ නිරත වුණා.

වෘතිකයන්ගේ වැටුප් අවම මට්ටමක පවතින බව සහ එරට දේශපාලකයන් නඩත්තුව සඳහා අධික මුදලක් වැයවන බව චෝදනා කරමින් විරෝධතාකරුවන් පාලන අධිකාරියට විරුද්ධව නැගී සිටියා.

එම විරෝධතා අතරතුර ජකර්තාහිදී පොලිස් රථ වාහනකට යට වීමෙන් තරුණයෙක් මියයාමේ පුවතක් පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුව එම තරුණයා ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් විරෝධකරුවන් පොලිසිය වෙතට දැඩි විරෝධතාවයක් පළ කරමින් විරෝධතාවයේ නිරත වූ අතර ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ ද එම සිදුවීම සම්බන්ධයෙන් තම ශෝකය පළ කර තිබුණා.

කෙසේ වෙතත් එම මියගිය තරුණයාට යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් එරට ජනතාව දක්වන විරෝධතාවය මේ වන විට දැඩි තීව්‍ර වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විරෝධතාවයේ නියතු පිරිස් විසින් නැගෙනහිර ඉන්දුනීසියාවේ පිහිටි නගර සභා ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති අතර එම ගිනි ගැනීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ආණ්ඩුව විසින් විරෝධතා නවත්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියත් දිගින් දිගටම ඉන්දුනීසියාවේ විරෝධතා ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ජීවිතයට සමුදීලා - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:59
Video thumbnail
ආණ්ඩුව ඇයි විපක්ෂයට මෙච්චර බය..?
04:10
Video thumbnail
සීනි පියා කියන එකට මම ගොඩාක් කැමැතියි
04:58
Video thumbnail
පාකිස්ථාන තරගාවලිය දාලා එන ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිදුවන දේ
03:19
Video thumbnail
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙන සුපිරි ආරක්ෂාව
01:00
Video thumbnail
බිමල්ට කතා කරන්න නොදී මරික්කාර් එකක් සමන්ත පැටලෙයි
05:27
Video thumbnail
ඉපදුණු ගමන් හැඳුනුම්පත් අංකයත් ලැබෙයි - උප්පැන්න සහතිකයේ කොටස් කිහිපයක් ඉවතට
04:58
Video thumbnail
දකුණට මොනවාද මේ වෙලා තියෙන්නේ.? අයිස්ලන්තයක් වගෙයි..!
01:15
Video thumbnail
මාලිමා ආණ්ඩුව රත්තරං.. පඩි වැඩි කළාට ඔබ වහන්සේට අපි තව තව ස්තූති කරනවා..
01:55
Video thumbnail
අයවැය දෙවනවර කියවීමේ විවාදය - පස්වන දිනය - 2026.11.13
00:00


?