spot_imgspot_img
spot_img

ඉන්දීය මහ කොමසාරිස් සහ අනුර දිසානායක අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථික අර්බුදය ඇතුලු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ රට වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියා.

මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කළ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?