ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට (වීඩියෝ)

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 06 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ  සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු (21) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. 

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 06 වන දින සවස් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු  මැද සහ උතුරු  නාවික විධානයන්  මඟින්,  නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයන්ට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) උතුරු මැද නාවික විධානය මඟින් සහ කන්කසන්තුරය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල  ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු (13) උතුරු නාවික විධානය මඟින් මෙලෙස  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. 

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනා (21) තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟින් නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 31 ක්‍ සහ ඉන්දීය ධීවරයින් 195 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ජීවිතයට සමුදීලා - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:59
Video thumbnail
ආණ්ඩුව ඇයි විපක්ෂයට මෙච්චර බය..?
04:10
Video thumbnail
සීනි පියා කියන එකට මම ගොඩාක් කැමැතියි
04:58
Video thumbnail
පාකිස්ථාන තරගාවලිය දාලා එන ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිදුවන දේ
03:19
Video thumbnail
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙන සුපිරි ආරක්ෂාව
01:00
Video thumbnail
බිමල්ට කතා කරන්න නොදී මරික්කාර් එකක් සමන්ත පැටලෙයි
05:27
Video thumbnail
ඉපදුණු ගමන් හැඳුනුම්පත් අංකයත් ලැබෙයි - උප්පැන්න සහතිකයේ කොටස් කිහිපයක් ඉවතට
04:58
Video thumbnail
දකුණට මොනවාද මේ වෙලා තියෙන්නේ.? අයිස්ලන්තයක් වගෙයි..!
01:15
Video thumbnail
මාලිමා ආණ්ඩුව රත්තරං.. පඩි වැඩි කළාට ඔබ වහන්සේට අපි තව තව ස්තූති කරනවා..
01:55
Video thumbnail
අයවැය දෙවනවර කියවීමේ විවාදය - පස්වන දිනය - 2026.11.13
00:00


?