ඉන්දීය ධීවරයින් 14 ක් සමග යාත්‍රාවක් උතුරු මුහුදේ අත්අඩංගුවට

මේ වසරේ (2022) ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ගතවූ කාලය තුලදී පමණක් ශ්‍රීලංකා මුහුදු තීරයට ඇතුලු වී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 228 දෙනෙකු සමග ධීවර යාත්‍රා 30 ක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පෙන්වා දෙයි.

මේ අතර යාපනය වෙත්තිලකේණි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ඊයේ (17) දින අත්අඩංගුවට ගත් බවටද නාවික හමුදාව පවසයි.

ඉන්දීය ධීවරයින් විසින් වෙත්තිලකේණි මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානය සහ වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අදාල ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කස්න්තුරයට රැගෙනවිත් මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?