ඉන්දීය ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශ ලේකම්වරයා සහ විදුලිබල ඇමති අතර සාකච්ඡාවක්

මෙරටට පැමිණ සිටින ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡා කර තිබෙනවා.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවදානය යොමු වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙහි දී බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධන කිරීම, තෙල් හා ගෑස් ගවේෂණය, පුනර්ජනනීය බලශක්තිය, ද්‍රව ස්වභාවික වායුවල යටිතල පහසුකම් සංවර්ධන සහ සැපයුම හා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලිප් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

මෙම විශේෂ ඉන්දීය දූත පිරිසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජෙකබ්, ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ විශේෂ කාර්ය භාර නිලධාරිනී ඊෂා ශ්‍රීවාස්තවා, IOC සමාගමේ සභාපති, එස්.එම්. වෛද්‍ය ඉන්දියා ලිමිටඩ් ඉන්ජිනියර්ස් සමාගමේ සභාපති වර්තිකා ශුක්ලා, Petronet LNG Limited කළමනාකාර අධ්‍යක්ෂ ඒ.කේ. සිං, ONGC Videsh Limited හි කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ෂි ගුප්තා, ඉන්දියානු ඛනිජතෙල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අමිත් ග්‍රේග් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?