ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු විජේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මුරලි විජේ ජාත්‍යනතර ටෙස්ට් තරග 61කට, එක්දින තරග 17කට සහ විස්සයි විස්ස තරග 09කට ක්‍රීඩා කරමින් සියලුම ආකෘතීන් හරහා ජාත්‍යන්තර තරග 87කදී ඉන්දියාවව නියෝජනය කර තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් 2018 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් අනතුරුව ඔහුට ඉන්දීය කණ්ඩායම තුළ ස්ථානයක් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

වසර නවයක් පුරා දිවෙන මුරලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ, ඉන්දියාවේ වඩාත්ම විශ්වාසදායක ආරම්භක පිතිකරුවෙකු බව ඔහු ඔප්පු කරනු ලැබුවා.

38 හැවිරිදි වියේ පසුවන මුරලි විජේ ටෙස්ට් තරග 61කදී ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3982ක් රැස් කරගෙන සිටිනවා.

සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් විජේ මෙසේ පැවසුවා,

“අද, ඉමහත් කෘතඥතාවෙන් සහ නිහතමානීව, මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවලින් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරනවා. 2002-2018 දක්වා මගේ ගමන මගේ ජීවිතයේ සුන්දරම කාලය වුණා. මන්ද එය ක්‍රීඩාවේ ඉහළම මට්ටමින් ඉන්දියාව නියෝජනය කිරීම ගෞරවයක් වූ නිසා, මගේ සියලුම සගයන්ට, පුහුණුකරුවන්ට, උපදේශකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට ඔබ සියලු දෙනා සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම පරම වරප්‍රසාදයක්. මගේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට උදව් කිරීම ගැන මම ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩාවේ උස් පහත්වීම් හරහා මට සහාය වූ ක්‍රිකට් ලෝලීන්ට, මම ඔබ සමඟ ගත කළ අවස්ථා සදහටම අගය කරන අතර, ඔබේ සහයෝගය සැමවිටම මට දිරිගැන්වීමේ මූලාශ්‍රයක් වුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?