spot_imgspot_img

ඉන්දීය කණ්ඩායමට අගමැති මෝදිගෙන් පණිවුඩයක් – අමිත් ෂාත් මෝදි ක්‍රීඩාංගණයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩාකරන ඉන්දීය කණ්ඩායමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක්කර සිටියා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මෝදි මෙලෙස සිය සුබපැතුම ඉන්දීය කණ්ඩායමට එක්කර තිබූ අතර, ඔහු එහිදී සඳහන්කර තිබුණේ ඉන්දියානුවන් කෝටි 140ක් ඔබ වෙනුවෙන් ඔල්වරසන් දෙන බවයි.

“කෝටි 140 ඉන්දියානුවන් ඔබ වෙනුවෙන් ඔල්වරසන් දෙනවා. ඔබ දීප්තිමත්ව බැබළේවා, හොඳින් ක්‍රීඩා කර ක්‍රීඩාශීලිත්වයේ ආකල්පය තහවුරු වේවා.” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය පිළට සුබපැතුම් එක්කර තිබුණා.

මේ අතර ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිනයේ එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අත බවට සැළකෙන ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ද මෙම තරගය නැරඹීමට හයිද්‍රාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?