ඉන්දියාවේ සහයෝගය මුදල් රාජ්‍ය ඇමති ශෙහාන්ගේ පැසසුමට

ශ්‍රී ලංකාවට ආසන්නතම අසල්වැසියා වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය, රටක් වශයෙන් ඉතා අගය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII) සහ කොටස් තැරැව්කාර සමාගම් සමඟ එක්ව සංවිධානය කර, ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති “Invest Sri Lanka”- ඉන්දියා – චෙන්නායි සහ මුම්බායි සංසදයට සහභාගී වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ආර්ථික ස්ථායිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඉන්දියාව ඇතුළු සියලුම රටවල් ඊට සහයෝගය ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කෘතඥ පූර්වකව සිහිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?