ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 සඳ මෙහෙයුමේ ප්‍රධාන පරීක්ෂණයක් සාර්ථකයි.

ඉන්දියාවේ තුන්වැනි චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන්-3 හි සඳ මත ගොඩබෑමේ කොටසට අදාළ වන විද්‍යුත් චුම්භක මැදිහත්වීම් සහ විද්‍යුත් චුම්භක අනුකූලතා පරීක්ෂණය සාර්ථකව සිදු කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා.

මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ බැංගලෝර්හි යූ.ආර්. රාඕ චන්ද්‍රිකා මධ්‍යස්ථානයේදීයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට අනුව, චන්ද්‍රයාන්-3 යානයෙහි ගොඩබෑමේ කොටස හෙවත් ලෑන්ඩරය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා කාලයේදී මෙම පරීක්ෂණයට සාර්ථකව මුහුණ දී තිබෙනවා.

විද්‍යුත් චුම්භක මැදිහත්වීම් සහ විද්‍යුත් චුම්භක අනුකූලතා පරීක්ෂණය පවත්වන්නේ චන්ද්‍රිකා මෙහෙයුම් සඳහා අභ්‍යවකාශ පරිසරයේ ඇති චන්ද්‍රිකා උප පද්ධතිවල ක්‍රියාකාරීත්වය සහ අපේක්ෂිත විද්‍යුත් චුම්භක මට්ටම් සමඟ ඒවායේ ගැළපුම සහතික කිරීම සඳහායි.

මෙම පරීක්ෂණය සාක්ෂාත් කර ගැනීම සඳ මෙහෙයුමේ ප්‍රධාන සන්ධිස්ථානයක්.

චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ යානය ප්‍රධාන මොඩියුල තුනකින් සමන්විත වන අතර ඒවා වන්නේ ප්‍රචාලන මොඩියුලය, ලෑන්ඩර් මොඩියුලය සහ රෝවර් මොඩියුලයයි.

මොඩියුල අතර රේඩියෝ-සංඛ්‍යාත සන්නිවේදන සම්බන්ධතා ස්ථාපිත කිරීම මෙම මෙහෙයුමේ සංකීර්ණත්වය මත අත්‍යවශ්‍ය බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා.

චන්ද්‍රයාන්-3 ලෑන්ඩරයේ විද්‍යුත් චුම්භක මැදිහත්වීම් සහ විද්‍යුත් චුම්භක අනුකූලතා පරීක්ෂණය අතරතුර, දියත් කිරීමේ ගැළපුම, සියලුම රේඩියෝ-සංඛ්‍යාත පද්ධතිවල ඇන්ටෙනා ධ්‍රැවීකරණය, කක්ෂීය සහ බලගැන්වූ බැසීමේ මෙහෙයුම් අදියර සඳහා ස්වාධීන ස්වයංක්‍රීය අනුකූලතා පරීක්ෂණ සහ පසු ගොඩබෑමේ මෙහෙයුම් අදියර සඳහා ලෑන්ඩර් සහ රෝවර් අනුකූලතා පරීක්ෂණය සාර්ථකත්ව සිදු කිරීමට හැකි වූ බවත් පද්ධතිවල කාර්ය සාධනය සතුටුදායක බවත් ඉන්දියානු අභ්‍යවකාශ නියෝජිතායතනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?