spot_imgspot_img
spot_img

ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් මුදාගැනීම නව ක්‍රමයකට

ඉන්දියාවේ උත්තරාකාන්ද් හි උමං මාර්ගයක දින 07ක් පුරා සිර වී සිටින කම්කරුවන් මුදාගැනීමට සිරස් සිදුරක් කැණීමට මුදාගැනීමේ කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

ඒ, උමං විවරය ඔස්සේ මාර්ගයක් සකස් කිරීමේ උත්සාහය තෙවැනි වරටත් අසාර්ථක වීම හේතුවෙන්.

නායයෑමක් හේතුවෙන් උමං මාර්ගයේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ සේවකයන් උමං මාර්ගය තුළ සිරවුණේ පසුගිය ඉරිදායි.

මෙලෙස සිර වූ කම්කරුවන්ට ආහාර පාන ලබාදීමට සහ ඔවුන් සමඟ සන්නිවේදන සබඳතා පවත්වා ගැනීම සඳහා මීටර්
42ක් දිග නළයක් සාර්ථකව ස්ථාපිත කිරීමට මුදාගැනීමේ කණ්ඩායම් අද සමත් වුණා.

මේ අතර සිරවී සිටින කම්කරුවන් 41 දෙනා සඳහා අඟල් 4ක පමණ බටයක් ඔස්සේ විටමින් වර්ග, වේදනානාශක සහ වියළි පළතුරු ලබාදීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?