ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවී ඇති බව වාර්තා වෙයි.
සහල් තොගය රැගත් “චෙන් ග්ලෝරි” නෞකාව අද (12) කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බහුආංශික සහයෝගීතාව යටතේ පසුගිය සතිය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන්16,000ක් මෙරටට ලබාදී තිබේ.
දෙරට අතර සුවිශේෂී සබඳතාව පිලිඹිබු කරන මෙම ආධාර තවදුරටත් අඛණ්ඩව සිදුකිරීමට ඉන්දීය රජය පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4



