ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී යි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ, ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය ගැටලු සහ ඒ පිළිබඳ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස විමසා බලා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මතුව ඇති සියලු ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?