ඉතාලි මාමණ්ඩිගේ කෝටි ගණනක දේපළ විකුණා සූදුවේ නිරත වූ පුතණ්ඩියා

ඉතාලියේ පදිංචිව සිටින තම බිරිදගේ පියාට (මාමණ්ඩිය) අයත් ජීප් රථයක්, යතුරු පැදියක් සහ රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් ආභරණ අලෙවිකර පරිඝණක සූදු ක්‍රීඩාවේ නිරත වූ තරුණයෙක් වෙන්නප්පුව පොලීසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව – නයිනමඩම පදිංචි 25 හැවිරිදි තරුණයෙක් වනවා.

දැනට ඉතාලියේ රැකියාක නිරත වන වෙන්නප්පුව – නයිනමඩමේ පදිංචි පුද්ගලයෙකු මීට මාස 02 කට පෙර තම 20 හැවිරිදි දියණිය තරුණයෙක්ට විවාහකර දී ඇත අතර එම තරුණයාව කඩිනමින් ඉතාලියට ගෙන්වා ගැනීමේ අදහසින්
තමන් සතු වෙන්නප්පුව – නයිනමඩමේ පිහිටි නිවස, ජීප් රථය, යතුරු පැදිය ඇතුළු දේපල බෑනාට බාර දී තම දියණිය සහ බිරිඳ සමඟින් නැවත ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙරට පදිංචිව සිටින බෑනා තමන්ට අයත් දේපල හොර රහසේ අලෙවි කරමින් පරිඝනක සූදු ක්‍රීඩාවේ නිරත වන බව ඉතාලියේ සිටින මාමණ්ඩියට දැන ගන්නට ලැබී ඇති අතර ඔහු වහාම මෙරටට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබදව වෙන්නප්පුව පොලීසියට පැමිණිළි කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය පැමිණිළිකරුට අයත් ජීප් රථයක් කැස්බෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 60 කට අලෙවි කර තිබියදී සොයා ගෙන ඇති අතර ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට
රුපියල් ලක්ෂ 10 කට අලවි කර තිබූ යතුරු පැදියද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පැමිණිලිකරුගේ නිවසේ සේප්පුවේ තිබූ රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් ආභරණ මීගමුව ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළද සැළකට අලවි කර ඇති බව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
16
+1
38
+1
4
+1
6
+1
1
+1
3
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?