ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක්

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (19) පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ඒ, අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා මෙහිදී පෙන්වා දුන්නා.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියා.

පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ද අපේක්ෂා කරන බව සඳහන් කළා.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කර සිටියා.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.

සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත් වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදුකිරීමට කටුයුතු කරන බව ද පැවසුවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරුණා.

උතුරු පළාතේ ජනතාවගේ නිවාස ගැටලුව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට අවශ්‍ය නිවාස ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවිධ අදියරවල පවතින බවත්, ඒ සඳහා තවත් රුපියල් මිලියන තුන්දහසක් පමණ අවශ්‍යව ඇති බවත් නිලධාරීන් පෙන්වා දුන්නා.

ඒ, සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවත්, උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට ද කඩිනම් විසඳුම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවයි.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබුවා.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට භූමිතෙල් ලබාදීමේ දී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කරුණු පැහැදිළි කළ අතර, ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිද කරන ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05
Video thumbnail
දහස් ගණනකගේ දිවි බේරූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්
01:46


?