spot_imgspot_img
spot_img

ඇෆ්ගනිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. තරගය පැවැත්වුනේ අහමදාබාද්හිදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා. තම පළමු ජාත්‍යන්තර ශතකය අබියසට පැමිණ සිටි Azmatullah Omarzai ලකුණු 97යි. Rahmat Shah, Noor Ahmad ලකුණු 26 බැගින් සහ Rahmanullah Gurbaz ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Gerald Coetzee කඩුලු 4ක්, Lungi Ngidi සහ Keshav Maharaj කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හිමි වූ ඉලක්කය ලකුණු 245ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර 47යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Rassie van der Dussen නොදැවී ලකුණු 76ක් ලබා ගත්තා. Quinton de Kock 41යි.

Mohammad Nabi සහ Rashid Khan කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?