ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 313 ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 50 තුලදී ලකුණු 314 ක් ඉලක්කයක් හිමිවුණා.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කර ඊබ්‍රාහිම් සද්රාන් තරඟාවලියේ දෙවන ශතකය ලෙස ලකුණු 162 ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් නජිබුල්ලා සද්රාන් ලකුණු 77 ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී කසුන් රාජිත අතරේ කඩුළු 3 ක් බිඳහෙලීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?