ඇසට් ආකේඩ් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

කොළඹ, කොටුවේ පිහිටි “ඇසට් ආකේඩ්” ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කළා.

අදාළ ගොඩනැගිල්ලේ පිහිටි ඩේටා එක්ස්චේන්ජ් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම විසින් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කොළඹ මහ නගර සභාව,පොලිස්පති ඇතුළු එම ගොඩනැගිල්ලේ කුලී පදනම මත සිටින ව්‍යාපාරිකයන් 94 දෙනෙකු නම් කර තිබෙනවා.

සිය බදු ගිවිසුම අවසන් වීමට පෙර එම ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස අදාළ ගොඩනැගිල්ලේ හිමිකාර සමාගම විසින් තමන්ට දැනුම් දුන් බව පෙත්සම්කාර සමාගම අධිකරණයේ කියා සිටියා.

ගොඩනැගිල්ල අබලන් වී ඇති බැවින් එය කඩා දැමීමට අවශ්‍ය නිසා මෙසේ ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවයි පෙත්සමේ සඳහන් වන්නේ.

මෙය නීතියට පටහැනි ක්‍රියාවක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එම ක්‍රියාව වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ තහනම් නියෝගය බල පැවැත්වෙන බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?