spot_imgspot_img
spot_img

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක් – ගස් ගල් කඩා වැටෙයි (ඡායාරූප)

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කොටසක කන්දක් නාය ගොස් තිබෙනවා.

අද පස්වරුවේ මෙලෙස නායයාමට ලක් ව ඇත්තේ; ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයයි.

විශාල ගස් සහ ගල් මාර්ගය මතට ඇද වැටීම නිසාවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ වන විට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සදහා විවෘත කර තිබෙනවා.

රාත්‍රී කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථාවල දී මෙම මාර්ගය භාවිතයට ගැනීමේ දී අතිශය ප්‍රවේසම්කාරී වන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2023 11 21 at 17.24.11
WhatsApp Image 2023 11 21 at 17.24.12 1
WhatsApp Image 2023 11 21 at 17.24.12
WhatsApp Image 2023 11 21 at 17.24.13 1
WhatsApp Image 2023 11 21 at 17.24.13
WhatsApp Image 2023 11 21 at 17.24.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?