ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 5.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන්.
මෙම භූමිකම්පාවෙන් පසු ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපක 04කට ආසන්න ප්‍රමාණයකින් යුත් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.
නිවර්තන කලාපීය කුණාටුවක් වන ‘හිලරි’ කුණාටුවට ඇමරිකාව මුහුණ දෙමින් සිටි අතර වාරයේ දී මෙම භූමිකම්පාව ද සිදුවීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් එරට වේලාවෙන් ඉරිදා 2.41ට සිදු වූ මෙම භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.