ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් (වීඩියෝ)

ඇමරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදීමෙන් ළමුන් තිදෙනෙක් මියගිය ගොස් ඇති අතර, ඔවුන් 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම ළමුන් වන්ඩර්බිල්ට් හි මොන්රෝ කැරල් ජූනියර් ළමා රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මෙම වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර, පොලීසිය විසින් එම කාන්තාව ද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාව 28 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇය එම පාසලේම ආදි ශිෂ්‍යාවක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

අවුරුදු 03ත් 11ත් අතර වයසේ පසුවන ළමුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?