ඇමති සරත්ගේ ලේකම් සෙවූ රත්තරන් වලට සිදු වූ දේ (PHOTOS)

පසුගියදා කතාබහකට ලක් වූ මුලතිව් සුදන්දිරපුරම්හි කොටි ත්‍රස්තයින් වලදැමූ බවට සැක කෙරුනු ස්ථානයේ රත්ත්‍රන් සොයා සිදු කල කැනීම් නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා නියෝග කොට සිටියා.

ඊයේ (06) දින සවස් වනතුරු අදාල ස්ථානයේ තුන්වන දිනත් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා ඉදිරියේදී කැනීම් සිදු කල අතර එහිදී කපා තිබූ වලවල්වල ජලයද දැඩි පරිශ්‍රමයකින් ඉවත් කොට අඩි 10ක් පමණ ගැඹුරට පස්කපන යන්ත්‍ර යොදා කැනීම් සිදු කලද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට සිටියා.

මේ අතර අදාල ස්ථානයේ සිදු වූ සියලු කැනීම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබන 2022 ජනවාරි මස 25 වන දින පැවත්වෙන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට නියෝග කොට සිටියා.

එල්.ටි.ටි.ඊ සංවිධානය අදාළ ස්ථානයේ වළදමා තිබූ බව කියන රත්‍රන් ගොඩගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් වත්මන් අමාත්‍යවරුවන් දෙදෙනකුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයක් පවතින බවටද අනාවරනය වීම හේතුවෙන් අදාල කැනීම් කටයුතු විශේෂත්වයක් වුණා.

මෙම ස්ථානයේ රත්තරන් ඇති බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව පසුගිය නොවැම්බර් 25 වනදා එහි කැනීම් කටයුතු සිදු කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණද පැවති මහවිරු සැමරුම සහ අයහපත් කාලගුණික වාතාවරනයන් හේතුවෙන් දෙසැම්බර් 02 වනදා දක්වා කල් දැමුණු අතර පසුව එදින අයහපත් කාලගුණය හේතුවෙන් 03 වනදා දිනටත් එදිනද වලවල් වල ජලය තිබීම නිසා 06 වනදා දක්වා කැනීම් කටයුතු කල් දැමීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?