ඇමති බන්දුලගෙන් පොරොන්දුවක්

මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මගින් සිදුකළ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති වලට සම්බන්ධව ගෙවීම් ප්‍රමාද වී තිබෙන ඉදිකිරීම් සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

බත්තරමුල්ල- සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රොපකරණ ආයතනය මගින් මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදුකර ගෙවීම් ප්‍රමාද වී ඇති සියලුම ඉදිකිරීම් සමාගම්වලට සහ මෙතෙක් ගෙවීම් ප්‍රමාද වූ සියලු ඉදිකිරීම් කරුවන්ට හිමි විය යුතු සියලුම මුදල් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවයි.

රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක්‌ ලබා දී තිබෙනවා.

එය වට්ටම් කිරීමෙන් අනතුරුව මෙම සියලුම මුදල් ගෙවීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරනු ඇති.

එතෙක් පෙබරවාරී 3 දිනම ගෙවීමට ඇති මුදලින් 40 %ක කොටසක් එම සියලුම සමාගම් වෙත ගිණුම් ගත කිරීමට ද අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

එසේම මාර්තු 30 වනදාට ප්‍රථම තවත් 30% ක මුදලක්ද, ඉතිරි 30%ක කොටස සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා අවසන් කිරීමට ද සියලු කටයුතු සුදානම් කර අවසන් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?