ඇමති නිවාසවලට ගිනි තැබීමේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට කාලය

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ ගැටුම් වලින් අනතුරුව මැති ඇමතිවරුන්ගේ නිවාස වලට ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම ගොනු කලේ බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර යන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු ඇතුළු දේශපාලකයින් පිරිසක්.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 22 වනදා ගොනු කරන ලෙසට වග උත්තරකරුවන් වන ආරක්ෂක ලේකම්වරයාට, එවක යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට, පොලිස්පති ඇතුළු පිරිසකට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල කරන්නාගොඩ කමිටු වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව මගින් යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශ වල රාජකාරි පැහැර හැරීම් නිසා ගැටළු කාරී තත්වය උද්ගත වූ බවට පෙත්සමේ සඳහන් වනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියෝගයක් කරන ලෙසටයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?