ඇමති අණින් දුම්රිය ගාස්තු වැඩි කිරීම “රිවර්ස්” වෙයි

අද (24) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ නව ගාස්තු ඇතුළත් ලිපිය තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි වුවත්, තවමත් එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරින් සමග ගාස්තු වැඩිවීම පිළිබඳ වන සාකච්ඡාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර, කිසියම් අයුරකින් මාධ්‍ය වෙත තවමත් එකඟ නොවූ ගාස්තු වැඩි කිරීමේ ලිපිය මුදා හැර ඇති බව ද අමාත්‍ය අමුණුගම සඳහන් කර සිටියා.

කෙසේවෙතත් නව ගාස්තු සම්බන්ධයෙන් අද රාත්‍රියේ දී පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළඹෙන සඳුදා දිනයේ සිට යම් කිසි අයුරකින් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අද දහවල් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කොළඹ සිට උඩරට දුම්රිය සහ උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වී ඇති බවයි.

ඒ අනුව කොළඹ සිට උඩරට දුම්රිය ගාස්තුහි පළමු මැදිරිය රුපියල් 1000ක් ද දෙවැනි මැදිරිය රුපියල් 500ක් සහ තුන්වැනි මැදිරිය රුපියල් 300ක් ද වන බවයි නිවේදනය කෙරුණා.

අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මෙලෙස අත්හිටුවා ඇත්තේ එම මිල වැඩි කිරීමේ නිවේදනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?