ඇප මත සිටි ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවා පොලිස් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසු ඔහු රෝහල් ගත කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ පිහිටි නිවසකදී 52 මයිකල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවකගේ නිවසක් තුළ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගැනුණු මයිකල් ස්ලේටර් මානසික සෞඛ්‍ය තක්සේරුවක් සඳහා රෝහල් ගතකර ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මේ අතර මයිකල් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ සිටි කාන්තාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් යොදවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මයිකල් ස්ලේටර් මීට පෙර පහරදීම, ලුහුබැඳීම සහ බිය ගැන්වීම ඇතුළු චෝදනා රැසකට වරදකරුවෙකුව දැඩි ඇප මත සිටින අයෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?