spot_imgspot_img
spot_img

ආහාර සුරක්ෂිතතාවය ගැන මන්ත්‍රී නාමල්ගෙන් උපදෙසක්

ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ සංකල්පමය ප්‍රතිපත්තියට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුවේ සහ අනෙකුත් පාර්ශ්ව එකට එක්වී සාකච්ඡා කර මාසයක් ඇතුළත අවශ්‍ය සංශෝධන එක් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කෘෂිකර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු පිළිබඳ එක් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ ක්‍රියාකාරී කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවේ අනුමැතිය සඳහා පසුගිය අගෝස්තු මස 22 දින ජාතික සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එදින ජාතික සභාව පෙන්වා දුන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුවේ අදහස් ද මේ සඳහා ලබාගැනීම වැදගත් වන බවයි.

මේ අනුව ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව සහ ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ සභාපතිත්වයෙන් කටයුතු කළ ජාතික සභා අනු කාරක සභාවේ ක්‍රියාකාරී කමිටුවේ නිලධාරීන්ද කැඳවා තිබුණා.

මේ අනුව මේ සඳහා ක්‍රියාකාරී කමිටුවේ නිලධාරීන් නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ද සහභාගී වී සිටියා.

මේ අනුව දීර්ඝ වශයෙන් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණ අතර මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නිර්දේශ කරනු ලැබුවේ ජාතික ආහාර ප්‍රතිපත්ති කමිටුව සහ අනෙකුත් පාර්ශ්ව එකට එක්වී සාකච්ඡා කර දැනට සකස් කර ඇති සංකල්පීය ප්‍රතිපත්තිය සඳහා අවශ්‍ය සංශෝධන මාසයක් ඇතුළත එක් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?