ආහාර ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අග්බෝ ඇතා නොසන්සුන්කාරී ලෙස හැසිරෙයි

තුවාල ලබා සිටින අග්බෝ ඇතාට නැවත වරක් අද දිනයේ දී පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් විශේෂ ප්‍රතිකාර ලබා දීමට නියමිතය.

අග්බෝ ඇතට බදින තුවක්කුවක් පත්තුවී වම් පාදයට තුවාල ලබා මේ වනවිට මාස තුනක පමණ කාලයක් ගතවුව ද මෙතෙක් එය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී නොමැත.

පශුවෛද්‍ය කණ්ඩායම් අවස්ථා කීපයකදීම ප්‍රතිකාර සහ ස්කෑන් මෙන්ම X Ray පරීක්ෂණ සිදු කළ අතර මේ වන විට අග්බෝ ඇතාගේ වම් පාදයේ පැවති දරුණු ඉදිමුම් තත්වය අඩු වුවද එම තුවාලය සුව වී නොමැත.

මේ වන විට මෙම ඇතා තිරප්පනය, වන්නම් මඩුව වැව් රක්ෂිතය අවට සැරිසරමින් සිටින අතර වනජීවි නිලධාරින් විසින් ඇතාට අවශ්‍ය ආහාර ලබාදෙමින් අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.

අග්බෝ ඇතාට අවශ්‍ය ආහාර ලබාදීමට සිදූ වූ ප්‍රමාදය හේතුවෙන් එම ඇතා නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ආකාරයක් ද දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?